මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ කුරුණෑගල සජබ සංවිධායකගේ සංවිධායකධුරය නැතිවෙයි


මත්ද්‍රව්‍ය වැටලීමකදි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ සංවිධායකවරයෙක් වන අමිත බණ්ඩාර මහතාගේ සංවිධායකධුරය අත්හිටුවීමට කටයුතු කළ බව පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඊට අමතරව ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවත් මෙම තීරණ දෙකම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



Recommended Articles